මාතර, වල්ගම ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ බේකරි නිෂ්පාදන ආයතනයක, ප්‍රධාන බක්කරේ ලෙස කටයුතු කරමින් සිටි දික්වැල්ල, දොඩම්පහල, උඩදෙණිය පදිංචි 26 හැවිරිදි එච්. ඩී. කේෂාන් සඳකැලුම් නමැති සැකකරු අදාළ බේකරියේ සේවයේ යෙදී සිටියදී, පෙරේදා (14) පස්වරුවේ ලද තොරතුරක් මත කොටවිල පොලිසියේ අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ නඩු අංක 4321/23BR දරන 2023 /09/15 දිනැති නඩුවට අදාළ එක් සැකකරුවෙක් වශයෙනි.
සැකකරු නොමැතිව විභාග වූ මෙම නඩුව වූයේ, කොටවිල අධිකරණ සංකීර්ණයේ නඩු කටයුත්තක් සඳහා පැමිණි 19 හැවිරිදි දළදාවත්තගේ රශ්මික දිල්ශාන්ගේ ත්‍රිරෝද රථයේ කැබින් එක කඩා ඒ තුළ තිබූ රුපියල් ලක්ෂයක් වටිනා ජංගම දුරකතන දෙකක් සහ දස දහසක් (10,000) පමණ වටිනා “පවර් බෑන්ක්” එකක් සොරා ගැනීම සම්බන්ධවය. විභාග වූ මෙම නඩුවේ අනෙක් සැකකරු වන කෝට්ටේගොඩ, තලල්ල දකුණ, උස්වත්ත පදිංචි 28 හැවිරිදි පී. කේ. ෂෙහාන් තේමිය මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
මේ දෙදෙනාම 2023 – 04 – 09 දින කොටවිල අධිකරණ සංකීර්ණය අසල නවතා තිබූ රුපියල් දෙලක්ෂ පනස් දහසක් (රු.2,50,000/=) වටිනා SP – BBY- 2393 අංක දරන යතුරුපැදිය සොරකම් කිරීමේ වරදටද අවශ්‍යව තිබූ අතර, අධිකරණ සංකීර්ණය මාතර නගරයේ තිබූ අවධියේ එම අධිකරණ භූමියේ නවතා තිබූ ත්‍රිරෝද රථ දහයකට (10) අදාළ මෙවැනිම සොරකම්වලට අදාළවද අවශ්‍යවම සිටි සැකකරුවකි.
එසේම මෙම සැකකරුවන් දෙදෙනාට බෙලිඅත්ත සහ තිස්සමහාරාම පොලිසිවලින් ගොනු කළ අපරාධ නඩු ඇති අතර, හෙරොයින් සම්බන්ධයෙන් දික්වැල්ල පොලිසිය මඟින් පැවරූ නඩු හතක්, එම වරදටම අදාලව මාතර පොලිසිය පැවරූ නඩු තුනක්ද ඇති බව හෙළිකරගෙන ඇත.
අධිකරණ කටයුතු රාශියකට අවශ්‍යව සිට මෙම සැකකරු පිළිබඳව දැනටමත් ප්‍රදේශයේ පොලිස් ස්ථාන සියල්ල දැනුම්වත් කර ඇත. සැකකරු හෙට දිනයේ (2024/02/15) කොටවිල අධිකරණයේ මාතර මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.