141
ඇල්ල ආරුක්කු නවය පාලම නැරඹීමට පැමිණි විදේශිකයන් 9 දෙනෙකු හා කාන්තා පොලිස් නිලධාරිනියක් පෙරේදා (14) පස්වරු බඹර ප්‍රහාරයකට ලක්වු බව පොලිසිය පවසයි. පස්වරු තුනට පමණ එම පාලම යට තිබූ බඹර වදයක් ඇවිස්සීමෙන් ඊජිප්තු ජාතික වයස අවුරුදු 1 1/2 සහ අවුරුදු 7,8 වයසැති කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු නව දෙනෙකු සහ බණ්ඩාරවෙල සංචාරක කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරනු ලබන කාන්තා පොලිස් නිලධාරිනිය මෙම බඹර ප්‍රහාරයට ලක්වූ බව ද පොලිසිය පවසයි.
එම අයවලුන් සියලුම දෙනා ප්‍රතිකාර සඳහා දෙමෝදර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ඇල්ල සංචාරක කොට්ඨාසය මඟින් සිදුකරන බව ද පොලිසිය තවදුරටත් සඳහන් කළේය.