Sunday, April 20, 2025
Home » පහරදීමේ සිද්ධියකට ඇල්ලූ සබරගමුවේ සිසුන් 13ට ඇප

පහරදීමේ සිද්ධියකට ඇල්ලූ සබරගමුවේ සිසුන් 13ට ඇප

by mahesh
February 16, 2024 1:00 am 0 comment

රක්වාන - ඉන්දික සී. කුමාර

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවියකට සහ සිසුන් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සිසුන් දහ තුන් දෙනා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට බලංගොඩ මහේස්ත්‍රාත් බී.කේ.වී. හේෂානි රොඩ්රිගෝ මහත්මිය ඊයේ (15) දින බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදී නියෝග කර ඇත.

අදාළ සිසුන් දහ තුන් දෙනා අතරින් නව දෙනෙකු කුරුවිට බන්ධනාගාරයේ රඳවා සිටි අතර සූම් තාක්ෂණය ඔස්සේ මෙම නඩු විභාගය පැවැත්විණි.

ඉතිරි සිසුන් හතර දෙනා බන්ධනාගාර නිලධාරීන් භාරයේ (15) සබරගමුව විශ්වවිද්‍යාලයේ පැවැති විභාගයකට පෙනී සිටි බව පැවසේ. ඵ් අනුව අයෙකුට රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT