දෙස් විදෙස් සංචාරතයන් අතර ජනප්රය සංචාරක ස්ථානයක් වූ පින්නවල අලි අනාථාගාරය ආරම්භ කර අදට (16) වසර හතළිස් නවයක් (49) සම්පූර්ණ වේ.
දිවංගත ඇමැති පී.බී.ජී.කලුගල්ල මහතා විසින් 1975 පෙබරවාරි 16 වැනි දින මෙම අලි අනාථාගාරය ආරම්භ කර ඇත. ඒ වනයේ මව් ඇතින්නගේන් හා රැලෙන් වෙන්ව අතරමංව සිටින අලි පැටවුන් පස් දෙනෙකිනි.
මේ වනවිට පින්නවල අලි නිවහනේ අලි ඇතුන් අනූවක් පමණ සෙවන ලබති.ලෝකයේ ප්රථමවරට හීලෑ අලි ඇතුන් ඇතිදැඩි කරන ස්ථානයක අලි පැටවකු උපත ලබන්නේ පින්නවල අලි අනාථාගාරයේදීය.ඒ 1984 ජූලි මස 05 වැනි දින අලි අනාථාගාරයේ සිටි Ò’විජයÓÓ හස්ථියාට දාව Ò’කුමාරිÓÓ නමැති කෙනෙර බිහිකළ සුකුමලී නම් පැටවාය.
2021 වසරේ අගෝස්තු 31 වැනිදා පින්නවල අලි අනාථාගාරයේදී ප්රථමවරටÓ සුරංගිÓÓ නමැති කෙනෙර නිවුන් පැටවුන් බිහි කළාය. ඒ Ò’සජ්ජනÓ’ හා Ò’දිසාÓ’ය.එයස ලෝක වාර්තාවකි. මේ වන විට පින්නවල අලි අනාථාගාරයේදී අලි පැටවුන් හැත්තෑ පහක් පමණ උපත ලබා ඇත.පින්නවල උපත ලැබූ අලි පැටවුන් සමහරෙක් සත්ත්ව හුවමාරු වැඩසටහන යටතේ විවිධ රටවලට ලබාදී ඇති අතර,තවත් අලි පැටවුන් කීප දෙනෙකු ශ්රී ලංකාවේ වෙහෙර විහාරස්ථන වෙත සන්නස් මඟින් බෙදාදී ඇත. වසර හතළිස් නවයක් සපිරුණු පින්නවල අලි අනාථාගාරය ඒ වෙනුවෙන් සංවිධානය කළ ÒÓකුංඡනාදÓ’ වැඩසටහන අද (16) පෙරවරුවේ අලි අනාථාගාර පරිශ්ර යේදී ආරාධිතයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය.