මාතලේ දිස්ත්‍රික්කයේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට 2024 අය වැය යෝජනා යටතේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මුදල් වෙන් නොකිරීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය හා සංවර්ධන කමිටු සම සභාපතීන් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.
මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම එහි සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) දින මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරයේදී රැස්වූ අවස්ථාවේදී මෙම උණුසුම්කාරී තත්ත්වය ඇති විය. 2024 අය වැය යෝජනා යටතේ දිස්ත්‍රික්කය තුළ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘතීන් අනුමත කිරීම සඳහා සංවර්ධන කමිටු සභාපති යෝජනා ඉදිරිපත් කරන අවස්ථාවේදී විපක්ෂයේ එකම මන්ත්‍රීවරිය වන ඇයගේ යෝජනා එකක් හෝ මේ සඳහා ඇතුළත් කර කර නොතිබීම පිළිබඳව ඇය කමිටුවෙන් විමසීමේදී කමිටුවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.
මාතලේ දිස්ත්‍රික්කයේ 2024 අය වැය යෝජනා සඳහා රුපියල් මිලියන 287ක් වෙන්කර තිබුණ ද විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කිසිදු මුදලක් වෙන්කර නොතිබීම පිළිබඳ ඇය මෙහිදී විමසා සිටියාය. එම මුදල් 2024 විමධ්‍යගත මුදල් ලෙස වැරදි ලෙස සටහන් වී ඇති බවත් එය විශේෂ ව්‍යාපෘති මුදල් ලෙස වෙනස් විය යුතු බව තමා ජනාධිපතිතුමාටත් ප්‍රකාශ කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර යළිත් යූ. ගමගේ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය විපක්ෂයට ද මේ සඳහා මුදල් වෙන් කරනවද නැද්ද කියන එක ප්‍රකාශ කරන ලෙසත් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී රාජාසන කතාව සිදු කරන අවස්ථාවේදී විපක්ෂයට එකතු වෙන්න යැයි ප්‍රකාශ කළත් දිස්ත්‍රික්කය තුළ සිදුවන්නේ වෙනත් දෙයක් යැයි ද සංවර්ධන කමිටුවට තමා සහභාගි වී කිසිදු විටක දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු අඩාළ කිරීමට කටයුතු නොකිරීම සිදුකර ඇති බවත් මේ සිදුවන අසාධාරණය පිළිබඳව තමාගේ විරෝධතාවය දැක්වූවාය.
මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවනන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා, මධ්‍යම පළාත් සභා හිටපු සභාපති ඇල්ඩී නිමලසිරි මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.