Home » වතුකරයේ ජනතාව ආර්ථික වශයෙන් පහළ සිටියත් බුද්ධිමත්

වතුකරයේ ජනතාව ආර්ථික වශයෙන් පහළ සිටියත් බුද්ධිමත්

by mahesh
February 16, 2024 1:00 am 0 comment

හැටන් රංජිත් රාජපක්ෂ

වතුකරයේ ජනතාව ආර්ථිකමය වශයෙන් පහළ මට්ටමක සිටියත් ඔවුන් බුද්ධිමත් බවත්, එම නිසා ජනාධිපතිවරණයේදි ඔවුන් හොඳ තීරණයක් ගන්නා බවත් සමඟි ජන බලවේගයේ පා.ම වඩිවේල් සුරේෂ් මහතා පැවසිය.

වඩිවේල් සුරේෂ් මහතා ඒ බැව් කියා සිටියේ ඊයේ(15) හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන වටවල රොසැල්ල ගනේෂා දමිළ මහා විද්‍යාලයේ පැවති උත්සවයකට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි.

මේ උත්සවයෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක් වු වඩිවේල් සුරේෂ් මහතා කියා සිටියේ ජනාධිපතිවරයත් කියනවා ජනාධිපතිවරණය තියනවා කියලා.මැතිවරණ කොමසාරිවරයා ව්‍යවස්ථාවට අනුව කටයුතු කරයි කියා හිතනවා.

ඔක්තොම්බර් වෙද්දි තමයි ව්‍යාවස්ථාවට අනුව නව ජනාධිපතිවරයෙක් පත් වෙන්න ඕනෑ.රට දැන් ආර්ථික වශයෙන් ගැටලුවලට මුහුණ දී තිබෙන අවස්ථාවක්. ඒ නිසා පාට පක්ෂ භේද අමතක කර සියලු දෙනා එකතු වෙලා සුදුසු කෙනෙක් ජනාධිපතිවරයා වශයෙන් තෝරාපත් කරගන්න අවශ්‍යයි.

එහෙම නැතිව දේශපාලන වාසි වෙනුවෙන් කටයුතු කළොත් රට වැටෙනවා නැවතිත්.පාකිස්තානයට වෙලා තියෙන දේ පේනවනේ.මේ රටේ ජනාධිපති කෙනෙක් වෙන්න 51% ක් ජන්ද ලබා ගන්න ඕනෑ. පක්ෂවලට බෙදිලා ජන්ද කෑලි කෑලි කඩන්නේ නැතිව හැමෝම එකතු වෙලා එක් ජනාධිපතිවරයෙක් තෝරාපත් කර ගන්න අවශ්‍යයි.ජනාධිපතිවරයා වටේ ඉන්නේ පොදු ජන පෙරමුණ ඒ නිසා ඒ අය ස්වාධින කෙනෙක් පත් කරයි.කඳුරට ජනතාව හැටියට අපි කියන්නේ පාට පක්ෂ භේදයක් නැතිව කටයුතු කරන කෙනෙක් ජනාධිපතිවරයා වශයෙන් පත් කළ යුතු බවයි.

කදුකරයේ ජනතාවගේ නිවාස , අධ්‍යාපන ගැටුළු විසදෙන්න ඕනි , වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරන්න අවශ්‍ය කියලා තියෙනවා අපි වතු සමාගම් සමග සාකච්ඡා කර, අපේ ජනතාව ඊලාම් ඉල්ලන්නේ නැ , ආයුධ ඉල්ලන්නේ නැ ඒ අය ඉල්ලන්නේ කරන වැඩට හරියන වැටුපක් පමණයි, වතුකරයේ ජනතාව ආර්ථික වශයෙන් පහල මට්ටමක හිටියත් හොදට ඉගෙන ගෙන තියෙනවා ඒ නිසා මැතිවරණයේදි ඒ අය අවශ්‍ය වේලාවට සුදුසු තිරණයක් ගනි යනුවෙන් පැවසිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT