කාර්මික දෝෂ ඇතුළු විවිධ හේතු නිසා ධාවනයෙන් ඉවත් කර තිබිය දී මහනුවර ප්‍රාදේශිකයේ සේවකයන්ගේ ශ්‍රම දායකත්වයෙන් අලුත්වැඩියා කළ බස් රථ 21ක් පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා යොදවන ලෙස මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ගුණතිලක රාජපක්ෂ මහතා ලංගම බලධාරීන්ට උපදෙස් දුන්නේය.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පෙරේදා (14) පැවැති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සභාපතිවරයා ලංගම බලධාරීන්ට අදාළ උපදෙස් දෙමින් පැවසුවේ කිසිදු අමතර වියදමකින් තොරව ධාවනයට සුදුසු පරිදි අදාළ බස්රථ අලුත්වැඩියා කිරීමට කැපවීම සම්බන්ධයෙන් සියලුම ලංගම සේවකයන්ට කෘතඥතාව පළ කරන බවයි.
ලංකා ගමනාගමන මණ්ඩලය මගින් දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය කාර්යාලවලට අයත් අබලන් තත්ත්වයේ පැවැති බස්රථ 400ක් ප්‍රවාහන,මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත අලුත්වැඩියා කර තිබෙන අතර ඉන් බස් රථ 21ක් මහනුවර ප්‍රාදේශිකයට අයත්ය.
අලුත්වැඩියා කර ධාවනට එක් කරන ලද නව බස්රථ කීපය පාසල් දරු දැරියන්ගේ ප්‍රවාහන අවශ්‍යතා ඉලක්ක කර ධාවනයට යොමු කිරීමේ දී ග්‍රාමීය ප්‍රදේශ ආවරණය කිරීම පිළිබඳව ද සැලකිලිමත් වීම වැදගත්යැයි මෙහි දී සභාපතිවරයා පැවසීය.
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ,මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්,මහනුවර දිස්ත්‍රික් සැලසුම් හා ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ රම්‍යා විජේසුන්දර මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.