Tuesday, April 22, 2025
Home » කියුබාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න කියුබානු ජනපතිට අක්ත පත්‍ර බාරදෙයි

කියුබාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න කියුබානු ජනපතිට අක්ත පත්‍ර බාරදෙයි

by mahesh
February 16, 2024 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

කියුබාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත් කළ අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා කියුබානු ජනාධිපති මිගුවෙල් ඩයෂ් කැනල් මහතා වෙත අක්ත පත්‍ර බාරදී තිබේ.

එරට හවානා නුවර පිහිටි විප්ලවීය මාලිගා පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා තානාපතිවරයා සිය අක්ත පත්‍ර ලබාදී තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

අක්ත පත්‍ර පිළිගැන්වීමෙන් අනතුරුව අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ කියුබානු ජනාධිපති මිගුවෙල් ඩයෂ් කැනල් මහත්වරුන් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර එහිදී දෙරටට වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබේ.

මේ සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුබපැතුම් කියුබානු ජනාධිපතිවරයා වෙත පිරිනමා තිබෙන අතර සිය ධූර කාලයේ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් පියවර ගන්නා බවද පවසා ඇත. මේ අතර ශ්‍රී ලංකාව – කියුබාව අතර තිබෙන සබඳතා ඉදිරියේ දී තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දී තිබෙන කියුබානු ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් දෙරටේ රජයන් විසින් අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කළයුතු බවද දෙරට අතර සබඳතා දශක කීපයකට පෙර සිට ආරම්භ වී තිබෙන බවද සිහිපත් කර තිබේ.

අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වැනි නාවික හමුදාපතිවරයා ලෙස විශිෂ්ට සේවයක් කර තිබෙන කීර්තිමත් හමුදා නිලධාරියකු වන අතර එම සේවයෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කියුබාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT