Home » ශ්‍රී ලංකාවේ වෙසෙන LGBTIQ+ ප්‍රජා නියෝජිතයෝ පිරිසක් කතානායක හමුවෙති

ශ්‍රී ලංකාවේ වෙසෙන LGBTIQ+ ප්‍රජා නියෝජිතයෝ පිරිසක් කතානායක හමුවෙති

by mahesh
February 16, 2024 12:58 am 0 comment

ස්වර්ණා විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්න

ශ්‍රී ලංකාවේ වෙසෙන LGBTIQ+ (වෙනස් ලිංගික රුචිකත්වයන් ඇති) ප්‍රජා නියෝජිතයෝ පිරිසක් පසුගියදා (12) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවූහ.ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 අ වගන්ති සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත කථානායකවරයාගේ අවධානයට යොමු කිරීම මේ හමුවීමේ අරමුණ විය.

එමෙන්ම LGBTIQ+ ප්‍රජා නියෝජිතයන් සහ කථානායකවරයා අතර පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ වෙසෙන LGBTIQ+ ප්‍රජාව මුහුණ දෙන ගැටලු පිළිබඳව ද දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කෙරිණි. NextGenSL, සර්වපාක්ෂික තරුණ සංවිධානය විසින් මේ හමුව සංවිධාන කිරීමට සහයෝගය දුන් අතර පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හන්ස අබේරත්න මහතා ද මේ අවස්ථාවට සහභාගී විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT