රුපියල් කෝටි ගණන් මුදල් රැස් කරමින් “ඔන්මැක්ස් ඩී.ටී” නමින් නීති විරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගිය ප්‍රධාන සැකකරු විදේශ රටකට පලාගොස් තිබෙන බවට අනාවරණය වී තිබේ.
ඒ අනුව රුපියල් කෝටි සියයකට අධික ජනතා මුදල් පිරමීඩ ක්‍රමයෙන් වංචා කළේ යැයි පවසන මෙම නීති විරෝධී පෞද්ගලික මූල්‍ය ආයතනයේ පරිගණක පද්ධතිය නිර්මාණය කළේ යැයි පවසන පන්නිපිටියේ ගයාන් චාමර වික්‍රමතිලක නමැති සැකකරු අධිකරණය මඟහැර විදේශ රටකට පලාගොස් තිබෙන බව වාර්තා වෙයි.
මෙම සැකකරු අධිකරණය මඟහැර විදේශයකට පලාගොස් ඇති බවට ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා සැකකරු වෙනුවෙන් ඇප තැබූ පුද්ගලයන්ගේ දේපොළ විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට රහස් පොලිසියට නියෝග කළේය. මීගමුවේ පිහිටි රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක් තහනම් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මීගමුව ඉඩම් රෙජිස්ට්‍රාර්වරයාට මෙම නියෝගය නිකුත් කළේය.
මේ අතර එම සැකකරු කිනම් රටකට පලාගොස් ඇත්දැයි සොයා බැලීමට ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබා ගන්නා බව ද රහස් පොලිසිය සඳහන් කළේය.