Home » නාරම්මිණිය අශෝකාරාමයේදී කුල දරුවෙක් පැවිදි බිමට

නාරම්මිණිය අශෝකාරාමයේදී කුල දරුවෙක් පැවිදි බිමට

by sachintha
February 15, 2024 1:54 am 0 comment

කැලණිය, නාරම්මිණිය, පුංචි කැලණිය අශෝකාරාමයේ විහාරාධිපති පට්ටිය හන්දිය ශ්‍රී විද්‍යාසේකර මහ පිරිවනේ ආචාර්ය කුරුඳුවත්තේ ඤාණසිරි ස්වාමීන් වහන්සේගේ ආචාර්යත්වයෙන් දෙබත්ගම රතනසිරි නාහිමිගේ උපාධ්‍යායෙන් මහනුවර උඩුදුම්බර අබයසිංහ මුදියන්සෙලාගේ තරුෂ සුරම්‍ය කුල කුමරු උඩුදුම්බර සිරිධම්ම හිමි නමින් කැලණිය නාරම්මිණිය අශෝකාරාමයේදී පැවිදි දිවියට එක් වූහ.

එම අවස්ථාවට කැලණිය රජමහා විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන් වහන්සේ, විද්‍යාලංකාර පිරිවෙන්පති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක වැලමිටියාවේ ඤාණරතන හිමි, සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති කුඹුරුගමුවේ වජිර යන ස්වාමීන් වහන්සේලා සාමනේර හිමියන්ට අනුශාසනා ලබා දුන්හ.

නිරෝධ්‍යා සඳමිණි රණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT