Home » වැලිකඩට කාන්තා භට නිවස්නයක් හා කායවර්ධන මධ්‍යස්ථානයක්

වැලිකඩට කාන්තා භට නිවස්නයක් හා කායවර්ධන මධ්‍යස්ථානයක්

by sachintha
February 15, 2024 1:53 am 0 comment

 

වැලිකඩ පොලිස් ස්ථානයේ අභිනවයෙන් ඉදිකළ කාන්තා භට නිවස්නය හා කායවර්ධන මධ්‍යස්ථානය වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා (13) විවෘත කෙරිණි.

දීර්ඝ කාලයක සිට පොලිස් නිලධාරිනියන්ගේ භාවිතය සඳහා විශාල අඩුපාඩුවක්ව පැවැති මෙම කාන්තා භට නිවස්නය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක අනුරාධ මහතාගේ ඉල්ලීමකට අනුව ඉදි කළ අතර, නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී. පී. එස්. ජයමහ මහතාගේ සංකල්පයකට අනුව අභිනව කායවර්ධන මධ්‍යස්ථානය මීට සමගාමීව ඉදි කර තිබේ.

මේ සඳහා රුපියල් ලක්ෂ තිහකට ආසන්න මුදලක් වැය වී තිබූ අතර, ඒ සඳහා පොලිස් දෙපාර්තමේන්තුව හා පෞද්ගලික දානපතීන්ගේ සහාය ලැබී තිබුණි.

මෙම අවස්ථාවට වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී. පී. එස්. ජයමහ, නුගේගොඩ කොට්ඨාස 2 භාර සහකාර

පොලිස් අධිකාරී ප්‍රියන්ත ඒකනායක, පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස්

පරීක්ෂක චින්තක අනුරාධ

මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

තක්ෂිලා උදයාංගනී කොට්ටාව – ප්‍රදීප් කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT