මාතර නීතිඥ සංගමයේ මහ සභා රැස්වීම පෙරේදා (13) පස්වරුවේ මාතර කොටවිල අධිකරණ සංකීර්ණයේදී පැවැත්විණි. ඒ සඳහා මාතර දිස්ත්‍රික්කයේ නීතිඥවරු රැසක් සහභාගී වූහ. 2024 – 2025 වර්ෂය සඳහා වූ නිලවරණයද පැවති අතර පෙර වර්ෂයේ නිලධාරී මණ්ඩලයම නිතරගයෙන් නැවතත් තෝරා පත් කර ගැනීම සභාවේ ඒකමතික තීන්දු විය. ඒ අනුව නව සභාපති වශයෙන් හිටපු සභාපති නීතිඥ රංගජීව ගමගේ මහතා ද, හිටපු ලේකම් නීතිඥ රන්ජිත් අබේසුන්දර මහතා නව ලේකම්වරයා වශයෙන්ද, නව භාණ්ඩාගාරික වශයෙන් නීතිඥ හසාරා ගුරුගේ මහත්මිය ද පත්වූහ. උප සභාපති, උප ලේකම්, උප භාණ්ඩාගාරික, සංස්කාරක, පුස්තකාලාධිපති, විගණක, ක්‍රීඩා ලේකම් යන තනතුරු හතක්(7) හා විධායක කමිටුවට විසිපස් ( 25) දෙනෙක්ද නිතරගයෙන් තේරී පත්වූහ.
තෙලිජ්ජවිල සමූහ – වජිර පූජිත ගුණවර්ධන