Home » හදලා වසර 10ක් වුණත් වැඩ නිම නැති වැලිගම වෙරළ උද්‍යානය

හදලා වසර 10ක් වුණත් වැඩ නිම නැති වැලිගම වෙරළ උද්‍යානය

by sachintha
February 15, 2024 2:06 am 0 comment

ක්‍රීඩා උපකරණ සියල්ලම විනාශයි පහන් තිබුණත් විදුලි සැපයුම නෑ විශාල පිරිසක් දිනපතා ආවත් පහසුකම් මදි

 

වැලිගම සමරවීර ප්‍රදේශයෙහි පිහිටි වෙරළ උද්‍යානය ඉදිකර වසර දහයකට ආසන්නව ගත වී ඇතත් එහි අඩුපාඩු මෙතෙක් සම්පූර්ණ කර නොමැති බවත් එම උපකරණ විනාශයට පත්වෙමින් තිබෙන බවත් ජනතාව පෙන්වා දෙති.

වැලිගම නගර සභා බල ප්‍රදේශයට අයත් මෙම වෙරළ උද්‍යානය ඉකුත් 2015 වර්ෂයේ දී පමණ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ නාගරික සංවර්ධන අධිකාරිය මඟින් දරුවන්ගේ විනෝදාංශය සඳහා අවශ්‍ය ක්‍රීඩා උපකරණ සහිතව ඉදි කොට තිබේ. කෙසේ වෙතත් එම උද්‍යානය සඳහා විදුලි පහන් විශාල සංඛ්‍යාවක් සවි කොට තිබුණත් ඒ සඳහා අවශ්‍ය විදුලි සැපයුම ද මෙතෙක් ලබා දී නැතැයි ජනතාව පවසා සිටිති.

එපමණක් නොව උද්‍යානයේ සවි කොට තිබූ යකඩ ඔන්චිල්ලා, සීසෝ වැනි ක්‍රීඩා උපකරණ සියල්ල විනාශයට පත්ව තිබෙන අතර එම ක්‍රීඩා උපකරණ මෙන්ම මෙම ස්ථානයට ද නිසි නඩත්තුවක් නොමැති බව ජනතාව පෙන්වා දෙති. මෙම උද්‍යානය සඳහා දෙස් විදෙස් විශාල පිරිසක් දිනපතා පැමිණෙන අතර මෙය ඉදිකර වසර දහයකට ආසන්න කාලයක් ගත වී ඇතත් ඔවුන්ට අවශ්‍ය භෞතික පහසුකම් ද මෙම ස්ථානයේ නොමැති බව තවදුරටත් ප්‍රදේශවාසීහු සඳහන් කළහ.

වැලිගම – අබේවික්‍රම ගුණරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT