Home » බම්බලපිටියේ නිවෙසකට ඉබි යතුරු කඩා ඇතුළු වූ සාමණේර දෙනම රිමාන්ඩ්

බම්බලපිටියේ නිවෙසකට ඉබි යතුරු කඩා ඇතුළු වූ සාමණේර දෙනම රිමාන්ඩ්

by sachintha
February 15, 2024 2:01 am 0 comment

බම්බලපිටිය ෆරීඩ් පෙදෙසේ පැරණි තෙමහල් නිවසෙක ඉබි යතුර කඩා අනවසරයෙන් ඇතුළු වූ බව කියන සාමණේර හිමිවරුන් දෙදෙනකු ලබන 19වන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. ඉලංගසිංහ මහතා පෙරේදා (13) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ශ්‍රී ශල්‍යාරාම මාලඹේ අරංවල පදිංචි පෙතිගම්මන ආරියරක්ඛිත හිමි (20) සහ සෙවණගල රාහුල හිමි (14) යන හිමිවරුන්ය.

මෙම හිමිවරුන් දෙදෙනාගෙන් එක් හිමිනමක බාලවයස්කාර හිමිනමක වන බැවින් උන් වහන්සේ පරිවාස භාරයේ රඳවන ලෙසට ද අධිකරණයෙන් නියෝග නිකුත් විණී.

බම්බලපිටිය ෆරීඩ් පෙදෙසේ පිහිටි තෙමහල් නිවසක් වන තම නිවසේ ඉබියතුරු කඩා කුඩා සාමණේර හිමිවරුන් දෙදෙනකු තවත් පුද්ගලයකු සමඟ බලහත්කාරයෙන් ඇතුළු වී සිටින බවට අදාළ නිවෙස ඇටෝනි බලපත්‍ර හිමි යාපනය පේසාලේ පදිංචි කාන්තාවක කරන ලද පැමිණීල්ලට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව බම්බලපිටිය පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මෙම පැරණි නිවස එකම පවුලේ තිදෙනකුට හිමිකාරීත්වය ඇති බවත් ඔවුන් තිදෙනා මේ වන විට එංගලන්තයේ පදිංචිව සිටින බවට කරුණු අනාවරණය වී ඇති බවත් බම්බලපිටිය පොලීසිය වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ පොලිස් සැරයන් 58420 අජිත් කාරියවසම් මහතා සඳහන් කළේය.

ඒ අනුව විදෙස්ගත කාන්තාවක විසින් යාපනයේ පදිංචි පැමිණිලිකාරියට ඇටෝනි බලපත්‍රයකින් මෙම නිවස බලා කියා ගැනීමට පවරා ඇති බවත් එසේ තිබියදී එංගලන්තයේ ජීවත් වන පුද්ගලයකු ඇත්කඳුරේ විමලරත්න හිමියන් වෙත ඇටෝනි බලපත්‍රයක් මගින් එකී නිවසේ කොටසක් පවරා ඇති බවත් බම්බලපිටිය පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

එසේ තිබියදී මෙම සාමණේර හිමිවරුන් දෙදෙනා එම නිවසට බලහත්කාරයෙන් අයුතු ලෙස ඇතුළු වී සාවද්‍ය පරිහණය කිරීමෙන් ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 434 සහ 386 වගන්ති අනුව වරදක් සිදුකර ඇතැයි පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකාර හිමිවරුන් දෙදෙනා ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර එදින තෙක් නඩුව කල් තැබීය.

නිමන්ති රණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT