Monday, April 21, 2025
Home » සියලු ආර්ථික මධ්‍යස්ථානවලට විශේෂිත ආරක්‍ෂිත වැඩපිළිවෙලක්

සියලු ආර්ථික මධ්‍යස්ථානවලට විශේෂිත ආරක්‍ෂිත වැඩපිළිවෙලක්

by chanaka
February 13, 2024 3:05 pm 0 comment

දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන වලට ආරක්‍ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී, පසුගිය දා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය තුළ කාන්තාවකට වෙඩි තැබීම පිළිබඳව මාධ්‍යවේදියෙකු විසින් ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු වශයෙනි.

ආරක්ෂක අමාත්‍ය ටෙරාන් අලස් මහතාගේ මැදිහත්වීමෙන් මේ වන විට දිවයින පුරා “යුක්තිය” නමින් විශේෂිත ආරක්‍ෂිත වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක වෙන අතර, එමඟින් මෙරට ජනතාව කූඩු වසංගතයෙන් බේරා ගැනීම සහ ජනතාවට බියෙන් සහ සැකෙන් තොර ආරක්ෂිතව ජීවත්වීම සඳහා අවශ්‍ය පරිසරය සකස් කිරීම එහි අරමුණ වේ.

ඒ අනුව, මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය තුළ සිදු වූ සිද්ධිය සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් සිදු ක‍රන ලෙසට තමා පොලිස්පතිවරයාට දන්වා ඇති අත‍ර මෙවැනි දේ නැවත සිදු නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග රජය විසින් ගැනීමට කටයුතු කරන බවඩ් ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT