දේශීය සහ විදේශීය ආයතන අතර පවතින අවබෝධතා ගිවිසුම් ජාතික අවශ්‍යතාවලට අනුකූලද යන්න පරීක්‍ෂා කිරීමට හා සමාලෝචනය කිරීම සඳහා රජය විසින් පසුගියදා කමිටුවක් පත්කළ බව ආරක්‍ෂක අමාත්‍යාංශය අද (13) ප්‍රකාශ කළේය.
දේශීය සහ විදේශීය ආයතන අතර පවතින අවබෝධතා ගිවිසුම් හි ප්‍රමාණවත් භාවය පිළිබඳව ඇති ප්‍රශ්නකාරී තත්වයට ප්‍රතිචාර වශයෙන් මෙම පියවර ගත් බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසා සිටියේය
ශ්‍රී ලංකාව විස්තීර්ණ සමාලෝචනයක් පැවැත්වීම සඳහා ඉහළ පෙළේ කමිටුවක් පත්කර ඇති අතර, එහි මූලික අරමුණ වන්නේ මෙම ගිවිසුම් ජාතියේ යහපතට ගැලපෙන බව සහතික කිරීමයි.
මෙම කමිටුව ආරක්‍ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ දෙපාර්තමේන්තු ඇතුළු ප්‍රධාන රජයේ ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත වේ.
මෙම කමිටුව දැනට පවතින අවබෝධතා ගිවිසුම් පරීක්‍ෂා කිරීම සහ ඒවා වැඩිදියුණු කිරීම සඳහා ඔවුන්ගේ විශේෂඥ දැනුම හා අත්දැකීම් යොදා ගනිමින් අවබෝධතා ගිවිසුම් සමාලෝචනය කිරීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මහතා පැවැසීය.
පසුගිය දෙවසර තුළ චීන පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකාවේ සිදුකළ බහුවිධ සංචාරයෙන් පසුව දේශීය රාජ්‍ය ආයතන, අධ්‍යයන ආයතන සහ විදේශීය පාර්ශව සමඟ ශ්‍රී ලංකාවේ ජාතික අවශ්‍යතා සඳහා අත්සන් කරන ලද ගිවිසුම් ගණනාවක බලපෑම පිළිබඳ ප්‍රශ්න සහගත තත්වයක් මතු වූ අතර, මෙම සංචාරයන් ශ්‍රී ලංකාව ප්‍රධාන කලාපීය සහ අමතර කලාපීය රටවල් අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වල ආතතීන් ඇති කළ අතර, ශ්‍රී ලංකා මුහුදු තීරයේ සමීක්‍ෂණය කරන සියලුම විදේශීය විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රා සඳහා වසරක (2024 වර්ෂය) තහනමක් ශ්‍රී ලංකාව විසින් ප්‍රකාශයට පත් කිරීමට හේතු විය.
කමිටුවේ මූලික වගකීම්වලට දැනට පවතින සියලුම අවබෝධතා ගිවිසුම් හොඳින් පරීක්‍ෂා කර බලා මෙම ගිවිසුම් වැඩිදියුණු කිරීම අරමුණු කරගත් නිර්දේශ සකස් කිරීම ඇතුළත් වන අතර, කමිටුවට පැවරී ඇති නිශ්චිත කාර්යයන් ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ නීතිමය රාමු හා බැඳුනු අංශ ඇතුළත් වේ.
දේශීය හා විදේශීය ආයතන අතර අවබෝධතා ගිවිසුම් සහයෝගීතාවය තුළින් අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් වන සබඳතා ඇති කරගැනීම අරමුණු කරයි. කෙසේ වෙතත්, මෙම ගිවිසුම් වල ප්‍රශස්ත බව සහතික කිරීම සඳහා පුලුල් සමාලෝචනයක් අවශ්‍යවේ. ද්විපාර්ශ්වික අන්‍යෝන්‍ය ප්‍රතිලාභ, නෛතික සහ ක්‍රියාකාරී බැඳීම්, හුවමාරු කොන්දේසි සහ සම්බන්ධ වූ ආයතනවලට සුවිශේෂී වූ ගැටළු ඇගයීමට ලක් කළ යුතු ප්‍රධාන ක්ෂේත්‍ර ඇතුළත් වේ.
අවබෝධතා ගිවිසුම් මගින් දෙපාර්ශවයටම ආර්ථික, තාක්‍ෂණික සහ උපාය මාර්ගික වශයෙන් අන්‍යෝන්‍ය වාසි ගෙන දිය යුතුය. නීතිවලට අනුකූල වීම, විධිවිධානවල පැහැදිලිකම සහ දක්වා ඇති බැඳීම්වල සම්පූර්ණත්වය විභාග කිරීමද අවශ්‍යවේ. සම්පත් හා දැනුම හුවමාරු කිරීමේ යාන්ත්‍රණවල සාධාරණත්වය, කාර්යක්‍ෂමතාව සහ බලාත්මක කිරීමේ හැකියාව තක්සේරු කිරීමද අවශ්‍ය වන බව කමිටුවට කිරීමට බලය ඇත්තේ කුමක්ද යන්න පිළිබඳව කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍ය තෙන්නකෝන් මහතා පවසා සිටියි