ආදුරුප්පුවීදිය පොලිස් සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකුට සයනයිඩ් මිශ්ර ආහාර ලබා දී ඝාතනයට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ආදුරුප්පුවීදිය පොලිස් සිර මැදිරියේ රදවා සිටි දෙදෙනෙකුට සයනයිඩ් මිශ්ර කිරිපැකට් ලබාදී ඔවුන් ඝාතනය කිරීමට උත්සහ කළ බවට සිද්ධියක් පසුගිය දා වාර්තා විය.
ජින්තුපිටිය ප්රදේශයේ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු මෙම සිර මැදිරියේ රඳවා තිබුණි.
ඔවුන් අසලට පැමිණි පුද්ගලයෙකු අදාළ කිරිපැකට් ලබාදී ඇති බව හෙළිවිය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ෂණ කටයුතු පුළුල් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත්වරිය ද පොලිසියට ඊයේ නියෝග කළාය.
සැකකරුවන් හෙළි කර ගැනීම සදහා දුරකතන දත්ත වාර්තා ලබා ගැනීමට පොලිසිය කළ ඉල්ලීමට ද ඇය අවසර ලබාදුන්නාය.
මේ අතරතුර අද දිනයේ දී සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගැණුනේ ගම්පොළ ගලහ ප්රදේශයේ නිවසක රැදි සිටියදීය.