677
පොතුපිටිය ගාලුපාරේ පෞද්ගලික ආයතනයක් ඉදිරිපිට නතරකර තිබූ මෝටර් රථයක් අද (13) දහවල් මුළුමනින්ම ගිනිගෙන විනාශවූ බව වාද්දුව පොලිසිය පවසයි.
කළුතර නගර සභාවේ ගිනිනිවන ඒකකයේ අමිල ඉන්දික ඇතුළු ගිනි භඨයින් සිව්දෙනෙකු පැමිණ ගින්න පාලනය කරනු ලැබීය.
වාහනයේ කාර්මික දෝෂයක් ගින්නට හේතුවන්නට ඇති බව සදහන් වේ.
ගින්නත් සමග ගාලුපාරේ වාහන තදබදයක් පැවතී අතර , වාද්දුව පොලිසියේ රථවාහන අංශ නිළධාරීන් විසින් එය යථා තත්ත්වයට පත්කර ඇත
වාද්දුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි