Monday, April 21, 2025
Home » මැතිවරණ ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

මැතිවරණ ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

by chanaka
February 13, 2024 1:05 pm 0 comment

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ, ජනාධිපතිවරණය නියමිත කාල සීමාව තුළ පැවැත්වෙනු ඇති අතර වත්මන් කාලරාමුවට අනුව, මහ මැතිවරණය ලබන වසරේදී පැවැත්වෙනු ඇති බවයි. ඒ සඳහා අවශ්‍ය වන මූල්‍ය ප්‍රතිපාදන 2025 අයවැය මඟින් ලබාදෙනු ඇත.

මැතිවරණ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතු වන අතර අවශ්‍ය අවස්ථාවන්හිදී රජය මැතිවරණ කොමිෂන් සභාව සමඟ සම්බන්ධ වී කටයුතු කරනු ඇතැයි ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT