ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍ය පිඨයේ දෙවැනි වසරේ ඉගනුම ලබන සිසුන් තිදෙනෙකුට එම විශ්වවිද්‍යාලයේම සිසුන් පිරිසක් විසින් සිදු කල පහර දිමක් හේතුවෙන් පහර කැමට ලක් වු සිසුන් තිදෙනා ඊයේ (09) රාත්‍රියේ රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි.
ඔවුන් පඔහින්න රෝහලට ඇතුළත් කර ඇති අතර සිසුන් දෙදෙනකු වැඩිදුර ප්‍රතිකාර සදහා බලන්ගොඩ මුලික රෝහලට මාරු කර යවා ඇති අතර පහර කැමට ලක් වු සිසුවිය තවදුරටත් පඔහින්න රෝහලේ ප්‍රතිකාර ලබති.
සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍ය පිඨයේ තෙවැනි වසරේ ඉගනුම ලබන සිසුන් පිරිසක් විසින් එම පහර දිම සිදුකර ඇති බවට වාර්තා වේ
දෙවැනි වසරේ ඉගනුම ලබන සිසුන් පිරිසක් පිටතින් ආහාර රැගෙන විත් කෘෂි විද්‍ය පිඨයේ ආපනශාලාවේ ආහාර ලබා ගනිමින් සිටියදී මෙලෙස ජේෂ්ඨ සිසුන් පිරිසක් පැමිණි පහර දිමක් සිදු කල බවද ඔවුන් විසින් පොලිසිය වෙත සදහන් කර තිබෙයි
අදාළ පහර දිම සිදුකල සැකකාර සිසුන් මෙතෙක් හදුනාගෙන නොමැති අතර සිද්ධිය සමිබන්ධයෙන් සමනල වැව පොලිසිය වැඩිදුර පරක්ෂණ සිදු කරයි.