Monday, April 7, 2025
Home » ගාසා වැසියන් සත්ව ආහාර භාවිතයට යොමුවෙයි

ගාසා වැසියන් සත්ව ආහාර භාවිතයට යොමුවෙයි

by chanaka
February 10, 2024 4:13 pm 0 comment

ගාසා තීරයේ හුදෙකලා වූ වැසියන් සිය ආහාර අවශ්‍යතා ලෙස සත්ව ආහාර හා සහල් භාවිත කිරීමට යොමුව ඇතැයි වාර්තා වේ.

ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ වෙසෙන ජනතාව දින ගණනක් තිස්සේ ආහාර හිඟයකින් පීඩා විඳියි.

ඇතැම් නිවැසියන් ජීවත්වීම සඳහා සත්ත්ව ආහාර භාවිතයට යොමු වී ඇති අතර දැන් එම ධාන්‍ය තොග පවා අඩුවෙමින් පවතින බව ඔවුන් පවසයි.

ජලය පානය කිරීමට හා සේදීම සඳහා ජල නල වෙත ප්‍රවේශ වීම සඳහා පොළව හාරන ආකාරය ද දැකගත හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර එහි කුඩා දරුවන් අතර උග්‍ර මන්දපෝෂණය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත්, දැන් එය 15%ක තීරණාත්මක සීමාව ඉක්මවා ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබේ.

එක්සත් ජාතීන්ගේ මානුෂීය සම්බන්ධීකරණ ඒජන්සිය වන ඔචා පවසන්නේ ගාසා තීරයේ උතුරට ගිය ආධාර අඩකට වැඩි ප්‍රමාණයක් මේ වනවිට සැපයීම සිදු නොවන බවයි.

උතුරු ප්‍රදේශවල ජීවත් වන බවට ඇස්තමේන්තු කර ඇති පුද්ගලයන් 300,000 ක් බොහෝ දුරට සාගතයේ වැඩෙන අවදානමකට මුහුණ දී සිටින බව සදහන් වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT