චීන ජනාධිපති ෂී ජින් පිං චීන ජනතාවට අලුත් අවුරුදු සුබ පැතුම් පිරිනමයි.
2024 වසන්ත උත්සවය හෙවත් සාම්ප්‍රදායික නව වසර වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව සහ චීන රාජ්‍ය මණ්ඩලය ඊයේ (8) පෙරවරුවේ බෙයිජිං හි මහජන මහ ශාලාවේ දී උත්සවයක් පැවැත්වීය. නව අවුරුදු උත්සවශ්‍රීය සමගින් පැවති ඊට විවිධ ක්ෂේත්‍රවල නියෝජිතයෝ එක්ව සිටියහ.
චීන ජනාධිපති ෂී ජින් පිං එහිදී දේශනයක් පැවැත්වීය. එහිදී හෙතෙම චීන කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් හොංකොං, මැකාව් සහ තායිවානය ඇතුළු සමස්ත චීන දේශයේ වෙසෙන ජනතාවට මෙන්ම එතෙර සිටින චීන ජාතිකයන්ට නව වසර වෙනුවෙන් සුබ පැතුම් පිරිනැමීය.
2024 වසරට චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවා වසර 75 ක් සපිරෙයි. උදාවන සාම්ප්‍රදායික මකරාගේ වසරේ චීනය පූර්ණ වශයෙන් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් චීන ලක්ෂණ සහිත නවීකරණ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට රැගෙන යනු ඇත. මකරා යනු චීනයේ ජාතික සංකේතයකි. මකරාගේ ජවය, නිර්භීතභාවය, ශක්තිය හා තේජස උරුම කරගනිමින් චීන ජනතාව නව වසරේ රටේ සංවර්ධනයට වඩාත් ක්‍රියාශීලීව හා කැපවීමෙන් එක් වනු ඇතැයි ද චීන ජනාධිපතිවරයා විශ්වාසය පළකරයි.