Home » ඉම්රාන් ඛාන්ගේ අපේක්ෂකයින් ඉදිරියෙන්

ඉම්රාන් ඛාන්ගේ අපේක්ෂකයින් ඉදිරියෙන්

by chanaka
February 9, 2024 1:10 pm 0 comment

පාකිස්තාන මහමැතිවරණයේ ගණන් කිරීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතින අතර එම ගණන් කිරීමේ කටයුතු ඉතා මන්දගාමීව සිදුවෙන බව වාර්තා වේ.

ජංගම දුරකතන අත්හිටුවීම මෙන්ම ප්‍රචණ්ඩකාරී ක්‍රියා මධ්‍යයේ පාකිස්ථාන මහමැතිවරණය ඊයේ (08) පැවැත්වු‍ණි.

දැනට සිරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන් ගේ පක්ෂයේ අපේක්ෂකයින් ඉදිරියෙන් සිටින අතර ඔවුන් බොහෝ දෙනෙක් ස්වාධීන අපේක්ෂකයින් ලෙස මෙම මැතිවරණයට ඉදිරිපත් විය.

එහෙත් සමස්ත ප්‍රතිඵල නිකුත් කළ විට හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරිෆ් ඉන් ජයගනු ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

මිලියන 128 ක ජනතාවක් පාකිස්තාන මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ලියාපදිංචි වී සිටි අතර ඉන් අඩක්ම වයස අවුරුදු 35ට අඩු අය වීම විශේෂත්වයකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT