Monday, April 21, 2025
Home » බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට භාවිතාකල බවට සැක කරන T56ක් සොයාගනියි

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට භාවිතාකල බවට සැක කරන T56ක් සොයාගනියි

by chanaka
February 9, 2024 1:54 pm 0 comment

කොස්ගොඩ සුජීට අයත් බවට පැවසෙන T56ක් සමග සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්ඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අතඩංගුවට ගෙන ඇත්තේ පහලපිටියවත්ත, හැගල්ල, කොස්ගම ලිපිනයේ පදිංචි වයස අවුරුදු 36ක් වන යුද හමුදාවෙන් පලා ආ පුද්ගලයෙක් බව පොලීසිය පවසයි.

කොස්ගොඩ සුජී විසින් අදාළ සැකකරු වෙත මෙම ගිනි අවිය සඟවා තැබීමට ලබාදී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරනය වී තිබේ.

එය බෙලි අත්තේදී සිදු වූ පංච පුද්ගල ඝාතනයට භාවිතාකල ගිනි අවියක් බවට සැකකරන අතර කොළඹ අපරාධ කොට්ඨාසය ඒ පිලිබද විමර්ශන සිදුකරනු ලබයි.

සැකකරුගේ නිවස ආසන්නයේ කුරුඳු ඉඩමක සඟවා තිබියදී මෙම ගිනි අවිය සොයාගෙන ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT