Home » අස්වැසුමට නව අයදුම්පත් කැඳවීම ගැන දැනුම් දීමක්

අස්වැසුමට නව අයදුම්පත් කැඳවීම ගැන දැනුම් දීමක්

by chanaka
February 9, 2024 11:07 am 0 comment

අලුතින් අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 4ක් තෝරා ගැනීම සදහා අයදුම්පත් කැඳවීම හෙට (10) ආරම්භ කෙරේ.

විවිධ පාර්ශ්වවලින් ලැබුණු යෝජනා සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹ තිබේ.

ඇතැම් නිර්නාකය සංශෝධනය කිරීමට ද පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

මේ අතර පසුගිය මාසයේ සිට බලපැවැත්වෙන පරිදී ආබාධිත වැඩිහිටි සහ වකුගඩු දීමනා ඉහළ නැංවීමට රජය තීරණය කර ඇත. ඒ අනුව රුපියල් පන්දහසක්ව පැවති ආබාධිත සහ වකුගඩු දීමනාව රුපියල් 7500 දක්වා ද රුපියල් 2000ක්ව පැවති වැඩිහිටි දීමනාව රුපියල් 3000ක් දක්වා ද ඉහළ නංවනු ලැබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT