Monday, April 21, 2025
Home » සම්බා සහල් වික්ක කළු කඩහිමියන් දෙදෙනකුට ලක්ෂ 3ක දඩ

සම්බා සහල් වික්ක කළු කඩහිමියන් දෙදෙනකුට ලක්ෂ 3ක දඩ

by sachintha
February 8, 2024 12:27 am 0 comment

පාලන මිලට වැඩියෙන් සම්බා සහල් අලෙවි කිරීමේ චෝදනාවට වරද පිළිගත් වෙළෙඳසල් හිමියන් දෙදෙනකුට පොල්ගහවෙල මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ප‍්‍රනාන්දු මහතා රුපියල් ලක්ෂ තුනක දඩ මුදලක් පෙරේදා (06) නියම කළේය.

ඉහත දඩ මුදල ගෙවීමට සිදු වූයේ පොල්ගහවෙල ගොඩවෙල ÒකුමාරÓ වෙළෙඳසලේ හිමිකරු වන එම්. නිහාල් තිලක් බණ්ඩාර සහ Òබන්දාව අබ්බාස්Ó වෙළෙඳසලේ හිමිකරු වන එම්. තර්ජුන් යන දෙදෙනාටයි. පැමිණිල්ල ඉදිරිපත් කළ පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරී ක‍්‍රිශාන්ති ආනන්ද මහත්මිය කරුණු දක්වමින් ලැබුණු පැමිණිලි මත සැකකරුවන්ගේ වෙළෙඳසල් පරීක්ෂා කිරීමේදී සහල් වර්ග අනුව පාලන මිලක් නියම කර තිබියදී මොවුන් සම්බා සහල් කිලෝග‍්‍රෑම් එකකට රුපියල් 30ක් වැඩිපුර අය කර අලෙවි කර අසු වූ බව ද ඒ අනුව නඩු පැවරූ බව ද පැවසුවාය.

අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ප‍්‍රනාන්දු මහතා විත්තිකරුවන්ට දඩ මුදල නියම කර, මිලක් නියම කර ඇති ආහාර ද්‍රව්‍ය වැඩි මුදලකට අලෙවි කිරීම බරපතළ වරදක් බවත් නැවත අධිකරණයට පැමිණියහොත් උපරිම දඩ මුදල් නියම කිරීමට සිදුවන බවත් පැවසීය.

මාවතගම – ආනන්ද විජේතිලක

පොතුහැර විශේෂ – විජේසිංහ වැලිකන්ද

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT