184
විදුලිසර වැදී වන අලියකු මියයෑමක් සම්බන්ධයෙන් සැකපිට ගිරිබාව ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත් වී ඇත්තේ වයස අවුරුදු 44ක් වන ඒ ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. මේ නියෝජ්‍ය විදුහල්පතිවරයාට අයත් ලැගුම්හලක් ඉහළ ගිරිබාව වැව් ඉස්මත්තේ පිහිටා ඇති බවත්, එහි ආරක්ෂාවට ඇද තිබුණු විදුලි වැටේ විදුලිය වැදී පසුගිය 5 දා අවුරුදු 6ක් වයසැති අලියකු මියගොස් ඇති බවත් ගිරිබාව පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා වනජීවි නිලධාරීන් විසින් එම ලැගුම්හලේ හිමිකරු වන ගිරිබාව ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.
ගයාන් කුමාර වීරසිංහ