Home » පාහියංගල හිමි ඇතුළු පිරිසට පහරදුන් හතක් අත්අඩංගු වට
විල්පත්තුවට හානි කරනවැයි කියන කෝමාරිකා වගාව

පාහියංගල හිමි ඇතුළු පිරිසට පහරදුන් හතක් අත්අඩංගු වට

by sachintha
February 8, 2024 12:25 am 0 comment

 

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට අයත් ප්‍රේරණ කලාපයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ මෙහෙයවීමෙන් වනය විනාශ කරමින් සිදු කරන බව කියැවෙන කෝමාරිකා වගාවක් සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමට රාජාංගණය යාය 17 ප්‍රදේශයට ගිය සුරකිමු ලංකා සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියන් ඇතුළු පිරිසකට පහර දී කලහකාරී ලෙස හැසුරුණු කාන්තාවක ඇතුළු 07 දෙනකු රාජාංගණය පොලිසිය ඊයේ (07) වන විට අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර යුද හමුදාවේ විශ්‍රාමික සෙබළකු සහ මෙම කෝමාරිකා වගාව සිදු කරන බව කියන කෝටිපති ව්‍යාපාරිකයාගේ ආයතනයක සේවයේ නිරත සේවකයකු ද සිටින බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

රාජාංගණය ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුම්වත් කොට රාජාංගණය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසකගේ ආරෂාව සහිතව පාහියංගල ආනන්ද සාගර හිමියන් මෙම ගමනට සම්බන්ධ වී ඇත්තේ ජාතික භික්ෂු සම්මේලනයේ සභාපති ලියංවල ශාසනරතන හිමි සහ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කීප දෙනකුද සමඟිනි.

පාහියංගල ආනන්ද සාගර හිමි ඇතුළු පිරිස අදාළ ප්‍රදේශය නිරීක්ෂණය කරමින් සිටියදී එහි සිටි පුද්ගලයන් පිරිසක් ඊට විරෝධය පළ කර තිබිණි.

එම අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇතුළු පිරිස ගමන් ගත් මෝටර් රථයකට විරෝධතාකරුවන් විසින් සිදු කළ පහරදීමකින් එම මෝටර් රථයට අලාභහානි සිදු වී තිබිණ.

එම අවස්ථාවේදීම පොලිසිය සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබූ අතර අනෙක් පිරිස ලද තොරතුරු මත රාජාංගණය පොලිසිය විසින් පසුව අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (07) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අනුරාධපුර සමූහ – පර්සි කුරුනේරු /අනුරාධපුර සංචාරක – සශිනි මධුෂානි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT