Home » පාකිස්ථානයේ බෝම්බ පිපිරීමක්

පාකිස්ථානයේ බෝම්බ පිපිරීමක්

by yasara
February 7, 2024 4:42 pm 0 comment

පාකිස්තානයේ සිදුවූ බෝම්බ පිපිරීම් දෙකකින්  පුද්ගලයින් 20ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පාකිස්තානයේ බලොචිස්තාන ප්‍රාන්තයේ හි මෙම පිපිරීම් සිදුව ඇති අතර එරට මහ මැතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකුගේ පක්ෂ කාර්යාලයක් අසළ පළමු පිපිරීම සිදුව තිබේ.

ඉන් ආසන්න වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.එසේම දෙවන පිපිරීම Qillah Saif Ullah දිස්ත්‍රික්කයේ සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් ඇත.

මෙම පිපිරීම් වලින් තුවාල ලැබූ පිරිස මේ වන විට රෝහල් ගත කර ඇත

මේ වනතෙක් පිපිරීම් වල වගකීම කිසිදු පාර්ශවයක් භාරගෙන නොමැති අතර හෙට දිනයේ එරට මහ මැතිවරණය පැවැත්වීමට නියමිත පසුබිමක මෙම සිදුවීම ගැන දැඩි අවධානයට ලක් වී තිබෙයි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT