ආර්ථික අභියෝගතා මධ්‍යයේ කර්මාන්ත බිඳවැටීමට නොදී රැකගනිමින් ඉදිරියට ගෙන ආ කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් ඇගැයමින් ජාතික කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරන CNCI 2024 කර්මාන්ත හා සේවා ඇගැයීමේ සම්මාන සඳහා අයදුම් කිරීමේ අවස්ථාව විවෘත කරයි.
ශ්‍රී ලාංකීය කර්මාන්තකරුවන් මේ විශිෂ්ටත්වය ඇගැයීම සඳහා වූ මෙම සම්මානනීය සංකල්පය ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය විසින් මීට වසර 22කට පෙර අභිමානවත් අයුරින් ආරම්භ කළ බවත්, මෙම සම්මාන ප්‍රදානයේ මූලික අරමුණ දේශීය කර්මාන්තයන්හි, මෙහෙයුම් ක්‍රියාවලිය හා එහි අනර්ඝත්වය ඇගැයීම හා සම්මානයට පාත්‍ර කිරීමත් බව ජාතික කර්මාන්ත මණ්ඩලය අනාවරණය කරයි.
මෙම අවස්ථාවට සහභාගි වූ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර පවසා සිටියේ අනර්ඝත්වෙයන් උසස් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා අපේක්ෂිත නිෂ්පාදන ප්‍රමිතීන් සිය භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී අනුගමනය කිරීමට කර්මාන්තකරුවන් දිරිමත් කිරීම ද, ඒ මඟින් දේශීය හා විදේශීය වෙළෙඳපොළ ජය ගැනීමට අවස්ථාව සැලසීම ද, මෙම ඇගැයීම් සම්මාන ලබාදීමේ තවත් පරමාර්ථයක් බවයි.
මෙම සම්මාන උලෙළ සඳහා තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සීමාසහිත ව්‍යාපාර, පොදු සමාගම් යනාදී ව්‍යාපාරවලට අයදුම් කළ හැකි අතර, ඉතා විශාල ව්‍යාපාර ආයතන සඳහා අවම වශෙයන් වසර හතරක් ද, අෙනකුත් ව්‍යාපාර සඳහා අවම වශෙයන් වසර තුනක්වත් ඔවුන් එම ව්‍යාපාරික කටයුතුවල නියැළී සිටිය යුතුය. එසේම මෙම සම්මාන සඳහා අයදුම් කරනු ලබන ව්‍යාපාරික ආයතන, ශ්‍රී ලංකාවේ හෝ සාර්ක් කලාපීය රටවල් තුළ හෝ වෙනත් ඕනෑම රටක පවත්වාෙගන යන ඒවා විය හැකිය.
සලකා බලනු ලබන නිෂ්පාදන හා සේවා වර්ග ක්ෂුද්‍ර ව්‍යාපාර, කුඩා ව්‍යාපාර, මධ්‍යම ව්‍යාපාර මහා පරිමාණ ව්‍යාපාර අතිවිශාල ව්‍යාපාර රාජ්‍ය අංශය ආදියයි. මෙහිදී ලබාදීමට අපේක්ෂිත සම්මාන වර්ග රන්, රිදී, ලෝකඩ සහ කුසලතා සම්මාන ලබා දීමට සැලසුම්කර ඇති අතර, කලාපීය හා ජාතික මට්ටෙම් නිෂ්පාදන හා සේවා ජයග්‍රහණ සඳහා සම්මාන පිරිනැමෙයි.
පළිඟු සම්මානය ලැබීම සඳහා සුදුසුකම බවට පත්වෙන්නේ අඛණ්ඩව පසුගිය වසර 3 පුරා රන් සම්මානයට පාත්‍ර වූ නිෂ්පාදන හෝ සේවා ව්‍යාපාර මේ සඳහා සුදුසුකම් ලබයි. එමෙන්ම හොඳම ව්‍යාපාර 10 ‘TOP TEN AWARD’ සම්මානමයන් පිදුම් ලබනු ඇත. මෙම සම්මාන උලෙළෙහි මුද්‍රිත මාධ්‍ය දායකත්වය සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම දරන අතර, විද්‍යුත් මාධ්‍ය දායකත්වය දරන්නේ රූපවාහිනිය විසිනි.