Home » ස්ථාන කිහිපයක හෙට දිනයේ දුම්රිය නොනවත්වා ධාවනය වෙයි

ස්ථාන කිහිපයක හෙට දිනයේ දුම්රිය නොනවත්වා ධාවනය වෙයි

by yasara
February 3, 2024 10:08 am 0 comment

මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන දුම්රිය හෙට (04) දිනයේ ප්‍රධාන දුම්රිය ස්ථාන කිහිපයක නොනවත්වා ධාවනය කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

ඒ අනුව මහලේකම් දුම්රිය ස්ථානය, කොල්ලුපිටිය සහ බම්බලපිටිය යන දුම්රිය ස්ථානවල පෙරවරු 05.00 සිට පෙරවරු 09.00 දක්වා මෙලෙස දුම්රිය නොනවත්වන ධාවනය කරන බව සඳහන් වෙයි.

76 වැනි ජාතික නිදහස් දින උලෙළ ජනාධිපති, අග්‍රාමාත්‍ය ඇතුළු දෙස් විදෙස් ප්‍රභූවරුන්ගේ සහභාගිත්වයෙන් හෙට දිනයේ කොළඹ ගාලු මුවදොර පිටියේ දී උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

නිදහස් උත්සවය සඳහා සහභාගි වන ප්‍රභූවරුන්ගේ සහ පෙළපාලිය සඳහා සහභාගි වන ත්‍රිවිධ හමුදා හා පොලිස් භට පිරිස්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙලෙස දුම්රිය නොනවත්වා ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT