යුක්තිය’ මෙහෙයුම යටතේ ගත වූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලින් අපරාධකරුවන් 770 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි
මෙම අත්අඩංගුවට ගැනීම් අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 567 දෙනෙකු සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 203 දෙනෙකු සිටින බව පොලීසිය පවසයි.
ඔවුන් සතුව තිබී හෙරොයින් 132gක්, අයිස් 121gක්, ගංජා 15kg සහ 900gක්, ගංජා පැළ 5,416ක්, හෑෂ් 16gක්, මාවා 209gක්, මදන මෝදක 128gක්, තූල් ග්‍රෑම් 45gක් සොයාගෙන තිබේ.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 567 දෙනා අතරින් සැකකරුවන් 06 දෙනෙකුට රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් දෙදෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්යාංශ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 05 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.