Friday, April 18, 2025
Home » කටුගස්තොට ශාන්ත අන්තෝනියේ හිටපු විදුහල්පතිනියට එල්ලවන චෝදනා

කටුගස්තොට ශාන්ත අන්තෝනියේ හිටපු විදුහල්පතිනියට එල්ලවන චෝදනා

by sachintha
February 1, 2024 12:37 am 0 comment

විමර්ශනයට ඒකපුද්ගල විනිශ්චය මණ්ඩලයක්

චක්‍රලේඛවලට පටහැනිව හා කූට ලේඛන උපයෝගි කර ගනිමින් කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විදුහලට සිසුවියන් ඇතුළත් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් එම විදුහලේ හිටපු විදුහල්පති පී.කේ.ආර්.සී. රණසිංහ මහත්මියට එල්ල වන චෝදනා පිළිබඳව සොයා බැලීමට ඒකපුද්ගල විනිශ්චය සභාවක් පත්කර තිබේ.

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු මේ සඳහා පත්කර තිබෙන බව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මේනක හේරත් මහතා කීය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා විසින් පත් කළ පංච පුද්ගල කමිටුවක් මගින් මූලික විමර්ශනයක් සිදුකර ලබාදුන් වාර්තාවක් පදනම් කර ගනමින් හිටපු විදුහල්පතිනියට චෝදනා පත්‍රයක් යොමුකර ඇත.

ඇය එම චෝදනා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කිරීම සඳහා ඒක පුද්ගල විනිශ්චය සභාවක් පත්කර තිබේ.

කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවට කූට ලේඛන මගින් සිසුවියන් ඇතුළත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණයේ නඩුවක් ද විභාග වෙමින් තිබේ.

විමර්ශන ආරම්භ වීමත් සමඟ රණසිංහ මහත්මිය මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ද පසුව ගම්පොළ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට ද මාරු කිරීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනු ලැබීය.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT