රතු මුහුදේ යාත්‍රා කරන අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ යුද නෞකාවලට අඛණ්ඩව මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරන බවට යේමනයේ හවුති සටන්කරුවන් නිවේදනයක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. යේමනයේ හවුති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට සහභාගි වන සියලුම යුද නැව් සිය ප්‍රහාරයට ඉලක්ක වනු ඇතැයි ද හවුති සටන්කරුවන් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මේ අනතුරු ඇඟවීම හේතුවෙන් රතු මුහුදේ යාත්‍රා කිරීමේ අවදානම තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ද, එය ලෝක වෙළෙඳපොළට දැඩි බලපෑමක් වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. හවුති සටන්කරුවන් රතු මුහුද ඔස්සේ ඊශ්‍රායලයට යාත්‍රා කරන නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත්තේ ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදු කරනු ලබන යුද මෙහෙයුම්වලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.