Home » ජනාධිපති නීතිඥවරු 10ක් දිවුරුම් දෙති

ජනාධිපති නීතිඥවරු 10ක් දිවුරුම් දෙති

by sachintha
January 31, 2024 12:51 am 0 comment

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා පත් කරන ලද ජනාධිපති නීතිවේදීන් දස දෙනකු එම ධුරයන්හි දිවුරුම් දීමේ සහ ඔවුන් පිළිගැනීමේ නිල උත්සවය ශ්‍රේෂ්ඨාධිකරණ ප්‍රධාන ශාලාවේදී පෙරේදා (29) පැවැත්විණි. එහිදී අභිනව ජනාධිපති නීතිඥවරු දස දෙනා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු හමුවේ දිවුරුම් දුන්හ. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න, චමත්කා වීරකෝන් උනම්බුවේ, ආචාර්ය අසංග ගුණවංශ, මොහොමඩ් අඩම්ලි, හර්ෂ ප්‍රනාන්දු, ආචාර්ය ශිවාජි ෆ්ලෙන්ස්, ෆයිසා මුස්තාපා මාකාර්, උපුල් කුමාරප්පෙරුම, විරාන් කොරයා, ඉරාජ් ද සිල්වා යන ජ්‍යෙෂ්ඨ නීතිඥවරු සහ නීතිඥවරියන් මෙහිදී ජනාධිපති නීතිඥවරුන් ලෙස දිවුරුම් දුන්හ.

අභියාචනාධිකරණ, විනිසුරුවරුන් මහාධිකරණ විනිසුරුවරුන්, දිසා විනිසුරුවරුන්, මහේස්ත්‍රාත්වරු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූ අතර නීතිපති සංජය රාජරත්නම් මහතා ද ඊට එක් විය.

නෙල්කා මැදගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT