ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබිය දී එය ජංගම දුරකතනයෙන් වීඩියෝගත කළ බව කියන පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පෙරේදා (29) පස්වරු 2.00ට පමණ මෙම වීඩියෝගත කිරීම සිදු කර ඇති බවද වාර්තාවේ.
අත්අඩංගුවට පත් පුද්ගලයා රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීමේ චෝදනාව මත පූජාපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සිටි අයෙකු බව පොලිසිය කියයි.
කුරුණෑගල, පානගමුව ප්‍රදේශයේ පදිංචි මොහොම්මදු මුස්තාපා රාම්සික් නමැති සැකකරු ගලගෙදර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 2000ක මුදල් හා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැර තිබේ.
ජංගම දුරකතනය අධිකරණ භාරයට ගෙන විශ්ලේෂණ වාර්තාවක් කැඳවීමට දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා සැකකරුට යළි මාර්තු මස 04 දින අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත.
අසේල කුරුළුවංශ