ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ මිදිගම ප්‍රදේශයේදී සංචාරකයන් දෙදෙනකු ගමන් කළ යතුරුපැදියක් හා මගී බස් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් සංචාරකයන් දෙදෙනා මියගොස් ඇත.
මාතර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණු පෞද්ගලික මගී බසයක සංචාරකයන් දෙදෙනා ගමන් ගත් යතුරුපැදිය ගැටී එහි පිටුපස රෝදයට ඔවුන් දෙදෙනා යටවී ඇතැයි පොලිසිය කියයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ යුවළක් බවත් ඔවුන් අඹුසැමියන් යැයි විශ්වාස කරන බවත් පොලිසිය සඳහන් කළේය. මෙම සංචාරකයන් කුමන රටකින් මෙරට සංචාරයකට පැමිණ ඇති අය දැයි අනාවරණය නොවන බවත් ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු වන ලියකියවිලි අනතුර සිදු වන විට නොතිබුණු බවත් මිදිගම පොලිසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
මේ තත්ත්වය මත අනතුර සිදු වූ යතුරුපැදියේ අංකය ඔස්සේ මෙම විදේශිකයන් දෙදෙනාගේ අනන්‍යතාව හඳුනා ගැනීමට විමර්ශන පවත්වන බවද එම නිලධාරියා සඳහන් කළේය. යතුරුපැදියේ ලියාපදිංචි හිමිකරු හබරාදූවේ අයකු බව අනාවරණය වී ඇති බවද පොලිසිය කියයි.
මෙම අනතුර සම්බන්ධයෙන් සැකපිට බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
198