Sunday, April 20, 2025
Home » අපනයනවලට විදෙස් වෙළෙඳපොළ සකසන්න ඔන්ලයින් වැඩපිළිවෙළක් -රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ

අපනයනවලට විදෙස් වෙළෙඳපොළ සකසන්න ඔන්ලයින් වැඩපිළිවෙළක් -රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ

by sachintha
January 31, 2024 1:27 am 0 comment

අපනයන භෝග සඳහා විදේශීය වෙළඳපොළ සකස් කිරීමේ දී මාර්ගගත ක්‍රමයට පාරිභෝගිකයන් සම්බන්ධ කර ගැනීම සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව වැවිලි කර්මාන්ත හා මහවැලි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.

ජාත්‍යන්තර තේ වෙළෙඳ පොළේ මෙන් දේශීය කුළුබඩු සඳහා අන්තර්ජාලය ඔස්සේ තරගකාරී වෙළෙඳ පොළක් සකස් කරන බව ද ඒ මහතා කීය.

නව රාජ්‍ය අමාත්‍යධුරයට පත් ලොහාන් රත්වත්ත මහතා ඊයේ (30) අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගැටඹේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය.‍

කෘෂිකර්ම, වැවිලි කර්මාන්ත ඇතුළු එම ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතන ඒකරාශී වීම තුළින් තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම වඩාත් පහසු වන බවත් වෙන් වෙන්ව තිබුණු අමාත්‍යංශ හා විෂයයන් ඒකාබද්ධ කිරීම මගින් තීන්දු ක්‍රියාත්මක කිරීමට තිබුණු බාධා මඟ හැරෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

ප්‍රගති සමාලෝචන රැස්වීමෙන් අනතුරුව අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා ගන්නෝරුවේ පිහිටි උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය නිරීක්ෂණයට ද එක්වීය. මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත හා කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ජානක ධර්මකීර්ති, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී.පී.දිස්නා, උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය තුසිත වික්‍රමාරච්චි යන මහත්ම මහත්මීහූ ඇතුළු නිලධාරී පිරිසක් සහභාගී වූහ.

අසේල කුරුළුවංශ හා මධ්‍යම පළාත් සංචාරක එල්.එස් එගොඩවිට

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT