Home » සීසන් අවලංගු කළොත් දුම්රියට – ලංගමට ලාභ ලැබිය හැකියි

සීසන් අවලංගු කළොත් දුම්රියට – ලංගමට ලාභ ලැබිය හැකියි

-දෙකේම ගාස්තු සම කළ යුතුයි

by sachintha
January 31, 2024 1:24 am 0 comment

පාසල් දරුවන්ගේ හා රාජ්‍ය සේවකයන්ගේ දුම්රිය හා ලංගම සීසන් අවලංගු කිරීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට හා ලංකා ගමනාගමන මණ්ඩලයට ලාභ ලැබිය හැකි යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසීය.

ජනහමුවක් අමතමින් ඒ මහතා පැවසුවේ දුම්රිය සීසන් ක්‍රමය අහෝසි කර දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තුව බස් ගාස්තුවේ ප්‍රමාණයට ගෙන ආ යුතු බවයි. එවිට දුම්රිය දෙපාර්තමේන්තුව ඉක්මනින්ම ලාභ ලබන තැනට ගෙන ආ හැකි බව ද කීවේය. ඒ මහතා මෙසේ ද කීවේය. අද සමහරු කියනවා මේ ඔක්කොම විකුණනවා කියලා. අද දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලබනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම බිලියන 11යි. වියදම බිලියන 40 ගාණක් වෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවට ලාභ ලබන්න පුළුවන්. පාසල් දරුවන්ට දෙන සීසන් ටික කැන්සල් කරලා, රජයේ සේවකයන්ට දෙන සීසන් ටික කැනසල් කරලා, දුම්රිය ටිකට් එකේ ගාස්තුව බස් ටිකට් එකේ ගාණට ගේනන ඕනෑ.

මෙහෙම කරන විට දුම්රිය දෙපාර්තමේන්තුවට ලාභ ලබන්න පුළුවන්. ලංගමයත් ලාභ ලබන තැනට ගෙන්න පුළුවන්. පාසල් දරුවන්ට දීලා තිබෙන සීසන් ටික, රජයේ සේවකයන්ට දීලා තිබෙන සීසන් කැන්සල් කරන්න ඕනෑ.

දුම්රිය ස්ට්‍රයික් එකක් ආව දවසට සීසන් එකෙන් යන මිනිහා කියනවා මේක පෞද්ගලීකරණය කරන්න ඕනෑ කියලා. දුම්රිය ස්ට්‍රයික් කරන හැටිත් එච්චර හොඳ නැහැ. ඒක වෙනම කතාවක්. නමුත් සීසන් එකෙන් දුම්රියේ යන ගමන් කියනවා මේක පෞද්ගලීකරණය කරන්න ඕනෑ කියලා යැයිද වැඩිදුරටත් හෙතෙම කිවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT