Wednesday, April 9, 2025
Home » නීති විරෝධී බීඩි කොළ ආනයනයෙන් රජයට අහිමි මුදල අය කර ගන්නවා මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය

නීති විරෝධී බීඩි කොළ ආනයනයෙන් රජයට අහිමි මුදල අය කර ගන්නවා මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය

by sachintha
January 31, 2024 12:25 am 0 comment

නීති විරෝධී ලෙස බීඩි කොළ ආනයනය හේතුවෙන් රජයට අහිමි වන රුපියල් බිලියන හතරක පමණ මුදල අය කර ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.
බීඩි නිෂ්පාදකයන් සමඟ ඊයේ (30) පැවැති සාකච්ඡාවක දී රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
“නීත්‍යනුකූලව ආනයනය කෙරෙන බීඩි කොළවලට වඩා වැඩි ප්‍රමාණයක් නීති විරෝධී මාර්ග ඔස්සේ රට තුළට පිවිසෙන බවට තොරතුරු ලැබී තිබෙනවා. 2023 වසර තුළ මෙරටට ආනයනය කර ඇති බීඩි කොළ ප්‍රමාණය කිලෝ 323,389ක්. සියලු බදු අය කළ පසු ඉන් ලබා ඇති ආදායම රුපියල් බිලියන 3ක් පමණ වෙනවා. බදු පහත හෙළීම මඟින් නීති විරෝධී බීඩි කොළ ආනයනය අවම කර ගත හැකි අතර, ඊට නිසි ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාව තිබෙනවා
නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT