Wednesday, April 23, 2025
Home » රාජකීය නෞකාව ආරක්‍ෂක රාජ්‍ය ඇමැතිගේ නිරීක්ෂණයට

රාජකීය නෞකාව ආරක්‍ෂක රාජ්‍ය ඇමැතිගේ නිරීක්ෂණයට

by sachintha
January 31, 2024 1:00 am 0 comment

නිල සංචාරයක් සඳහා පසුගිය 28 වැනි දා ශ්‍රී ලංකාවට පැමිණි රාජකීය නාවික හමුදාවට අයත් HMS Spey නෞකාවේ සංචාරයක් සඳහා ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පෙරේදා (29) එක් විය.

මෙම නෞකාවට පැමිණි රාජ්‍ය ඇමැතිවරයාව එහි අණදෙන නිලධාරී, කමාන්ඩර් පෝල් කැඩි විසින් පිළිගන්නා ලදි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතාද සහභාගි විය.

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර දීර්ඝකාලීන ඓතිහාසික හා සංස්කෘතික සබඳතාවන් සිහිපත් කරමින් ඇමැති තෙන්නකෝන් මහතා මෙහිදී කෙටි දේශනයක් කරන ලදි. අවශ්‍ය අවස්ථාවලදී බ්‍රිතාන්‍ය රජය දක්වන නොසැලෙන සහයෝගය සහ ගෝලීය සාමය සහ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා කැපවීම ද ඔහු අගය කළේය.

කලාපීය හවුල්කාරිත්වය, රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ශක්තිමත් කරන ඒකාබද්ධ අභ්‍යාස, තොරතුරු හුවමාරු කර ගැනීම සහ සහයෝගිතාව සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම රාජ්‍ය අමාත්‍යවරයා යළි තහවුරු කළේය.

ඉතාලි ජනරජයේ තානාපති Damiano Francovigh මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් වන, මාලදිවයිනේ මහකොමසාරිස් Fathima Ghina මහත්මිය, පාකිස්ථානයේ වැඩබලන මහකොමසාරිස් Wajid Hassan Hashmi මහතා, බංග්ලාදේශ මහකොමසාරිස් Tarek Mad Ariful Islam, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන යුරෝපා සංගමයේ නියෝජිත Carmen Moreno මහත්මිය, ජර්මනියේ ෆෙඩරල් ජනරජයේ තානාපති Felix Neumann මහතා, නවසීලන්තයේ වැඩබලන මහකොමසාරිස් Patrick Rata මහතා, ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් Paul Stephens මහතා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ මාධ්‍ය හා මාධ්‍ය ප්‍රකාශක සහ ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් හා වැඩබලන අධ්‍යක්‍ෂ (පර්යේෂණ) කර්නල් නලින් හේරත් ද මෙම අවස්ථාවට එක් වූහ.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT