Sunday, April 20, 2025
Home » සුක්ෂමව වගාකර තිබූ ගංජා වගාවක් STF වටලයි

සුක්ෂමව වගාකර තිබූ ගංජා වගාවක් STF වටලයි

by chanaka
January 31, 2024 4:27 pm 0 comment

විශේෂ කාර්ය බලකාය උඩවලව කඳවුරේ නිලධාරීන් හට කිරින්ද නාවික හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව හම්බේගමුව පොලිස් වසමේ කෝංගහමඩකන්ද, මව්ආර රක්ෂිතයේ අලුත් වැව ප්‍රදේශයේදී ඉතා සුක්ෂමව වගාකර තිබූ ගංජා වගාවක් වටලා තිබේ.

එහි දී වගාකර තිබු ගංජා ගස් 6,226 ක් සහිත ගංජා හේනක් සමග වයස අවුරුදු 44ක් වු වීරවිල, නවනගරය පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අඩි 09යි අඟල් 02ක් වන ගංජා ගස් 10 ක් සමඟ එම පුද්ගලයා හම්බේගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර ඉතිරි ගංජා ගස් සියල්ල ගිනිතබා විනාශකර තිබේ.

උඩවලව විශේෂ කාර්ය බලකාය අඛණ්ඩව ම මෙම ගංජාවගාවන් සම්බන්ධ වැටලීමි සිදුකරටගන යනු ලබන අතර නවීන ඩ්‍රොන තාක්ෂණය ද ඒ සදහා භාවිතා කරනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT