Monday, April 21, 2025
Home » හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ බිරිඳට වසර 14ක සිර දඬුවම්

හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ බිරිඳට වසර 14ක සිර දඬුවම්

by chanaka
January 31, 2024 4:19 pm 0 comment

පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිදට දූෂණ චෝදනා හේතුවෙන් වසර 14ක සිර දඬුවම් නියම කරයි.

ඒ හිටපු අග්‍රාමාත්‍යවරයා බලයේ සිටියදී රාජ්‍ය ත්‍යාග රඳවා තබාගෙන විකිණීම සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ බිරිඳට චෝදනා එල්ල වී තිබේ.

ඉම්රාන් ඛාන්ට ඊයේ(30) පැනවූ වසර 10ක සිර දඩුවමට අමතරව අද(31) මෙලෙස 14 වසරක සිර දඬුවම් නියම කර ඇත.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉම්රාන් ඛාන් නෙරපා හරිනු ලැබුවේ 2022 වසරේදීය. විරුද්ධවාදීන් විසින් නෙරපාහරිනු ලැබීමෙන් අනතුරුව ඔහු දැනටමත් වසර 3ක සිර දඬුවම් විඳිමින් සිටි.

ඒ දූෂණ චෝදනාවට වරදකරුවීම හේතුවෙනි. රාජ්‍ය රහස් හෙළිකිරීම සම්බන්ධ නඩුවකින් ඔහුට දස වසරක සිර දඬුවම් ඊයේ නියම කෙරුණි.

අද දිනයේ දී තවත් වසර 14ක කාලයක් සිර දඩුවම් නියම කෙරුණේ ඊට බද්ධ කිරීමේ නඩුවක් සඳහාය.

කෙසේ වෙතත් ඉම්රාන් ඛාන් පවසා ඇත්තේ තමාට එරෙහි මෙම නඩු දේශපාලන අරමුණු මුල්කරගත් ඒවා බවයි.

ඔහුට පෙනී සිටීම තහනම් කර ඇති පාකිස්තානයේ ජාතික මැතිවරණයට සතියකට පෙර මෙම දඬුවම් නියම කිරීමද විශේෂත්වයකි.

ඉම්රාන් ඛාන් පසුගිය අගෝස්තු මාසයේ සිට සිර දඩුවම් විඳිමින් සිටින අතර ඔහුගේ බිරිද බුෂ්රා බිබී රක්ෂිත බන්ධනාගාර ගතව සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT