Home » බැංකු පනත සංශෝධනයට අනුමැතිය

බැංකු පනත සංශෝධනයට අනුමැතිය

by chanaka
January 30, 2024 3:16 pm 0 comment

1988 අංක 30 දරණ බැංකු පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වෙයි.

බැංකු බලපත්‍ර නිකුත් කිරීම, බැංකු හිමිකාරීත්වය ,ඒකාබද්ද අධීක්ෂණය, ප්‍රාග්ධනය හා ද්‍රවශීලතා රාමුව ලබා දිය හැකි උපරිම ණය පහසුකම් ප්‍රමාණය සහ සම්බන්ධිත පාර්ශව සමග ගණුදෙනු ,යහපාලන අවශ්‍යතා,රාජ්‍ය බැංකුවල නියාමනය සහ අධීක්ෂණය ඇතුළු ක්ෂේත්‍රවල පවත්නා නියාමන ප්‍රමිති ශක්තිමත් කිරීමට හැකිවන පරිදි විධිවිධාන ඇතුළත් කරමින් බැංකු පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට 2023/6/26දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපති අවසරය ලැබී ඇති බව සඳහන් වේ.

එම පනත් කෙටුම්පත රජය ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT