311
නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙකු පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුරදී බිමට ඇදවැටී රෝහල් ගතකර තිබෙන අතර ඔවුන් බරපතල තුවාල ලබා නොමැති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සදහන් කරයි.
ඔවුන් සිව්දෙන කොළඹ ජාතික රෝහලේ සහ යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
පැරෂුට් පෙරහුරුව අතරතුර ඉහළ අහසේදී පැරෂුට් දෙකක් එකිනෙක පැටලී යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකු සහ ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙකු මෙලෙස අනතුරට ලක්විය.