Home » ශ්‍රිපාද වන්දනාකරුවෙක් මියයයි -දේහය හඳුනා ගැනීමට මහජන සහය පතයි

ශ්‍රිපාද වන්දනාකරුවෙක් මියයයි -දේහය හඳුනා ගැනීමට මහජන සහය පතයි

by yasara
January 30, 2024 11:29 am 0 comment

ශ්‍රීපාද වන්දනාවේ පැමිණ සිටියදී නල්ලතන්නියේදී හදිසියේ රෝගාතුර වී රෝහල් ගත කර ඇති වයෝවෘද්ධ පුද්ගලයෙක් මියගොස් ඇති නිසා ඔහුගේ මළ සිරුර ඥාතීන්ට ලබා දීම සඳහා නල්ලතන්නිය පොලීසිය මහජන සහාය පතයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ වෙල්ලාලහේවගේ පුංචිමහත්තයා නැමති වයස අවුරුදු (70)වන (ජා.හැ.අංක-532640113V)අංක දරණ පුද්ගලයෙකි.

තලංගම ප්‍රදේශයෙ සිට වන්දනා නඩයක් සමග ශ්‍රීපාද වන්දනාවට පැමිණ සිටියදී මෙම මස (14) දා නල්ලතන්නියේදී හදිසියේ රෝගාතුර වී 1990 ගිලන් රථයකින් මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත නඩයේ පැමිණි තලංගම පදිංචි ගයාන් නැමති පුද්ගලයෙක් විසින් භාර දී ඇත

එහිදී භාරකරුගේ දුරකතන අංකයක් රෝහලට ලබා දී නොමැති බවත් නල්ලතන්නිය පොලීසිය පවසයි.

මිය ගොස් ඇති පුද්ගලයා මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත භාර දීමෙන් අනතුරව අසාධ්‍ය තත්වයේ පසු වූ නිසා (14) වෙනි දිනම දික්ඔය මූලික රෝහල වෙත යවා ඇත.

ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම පුද්ගලයා පසුගිය 19 වැනි දි මිය ගොස් ඇත

ඔහු පදිංචි නිවැරදි ලිපිනයක් හා දුරකතන අංකයක් නොමැති නිසාත් මළ සිරුර ඥාතීන් වෙත භාර දීම සඳහා නල්ලතන්නිය පොලීසිය මහජන සහාය පතන බව නල්ලතන්නිය පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාන්ත වීරසේකර මහතා පැවසීය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT