257
කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 350කට වැඩි පිරිසක් විශ්වවිද්‍යාල පරිපාල ගොඩනැගිල්ල වටකරමින් විරෝධතාවක නිරතව සිටියි.
ශිෂ්‍ය ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් කැළණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාලය ඉදිරිපිට ඊයේ (29) රාත්‍රියේ උද්ඝෝෂණයක් සිදුකළ අතර මෙම උද්ඝෝෂණය විසුරවා හැරීම සඳහා පොලිසිය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබිණි.
ඒ හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයට ද බාධා එල්ල විය.
මේ වන විටත් සිසුන් 350කට වැඩි පිරිසක් විරෝධතාවට එක්ව සිටින බව වාර්තා වෙයි.