Home » මහනුවර නගරයේ පදික වෙළෙදාම් ගැන ගන්න යන තීරණය

මහනුවර නගරයේ පදික වෙළෙදාම් ගැන ගන්න යන තීරණය

by chanaka
January 30, 2024 10:01 am 0 comment

මහනුවර නගරයේ පදික වෙළෙදාම් සිදු කරන වෙළෙදුන්ට විකල්ප ස්ථාන හදුනාගෙන ඒ සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාල පමාව නිසා ගැටලු රැසක් මේ වන විට පැන නැගි ඇති බවත් ඒ සදහා කඩිනම් විසදුම් සොයන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු. ගමගේ මහතා අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේය.

ආණ්ඩුකාරවරයා මෙම උපදෙස් ලබා දුන්නේ “මහනුවර නගරයේ අනවසර වෙළෙදාම් සහ පදික වෙළදාම් පාලනය “පිළීබදව ආණ්ඩුකාර කාර්යාලයේදී ඊයේ(29) පැවති රැස්විමට සහභාගි වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාරවරයා කියා සිටියේ යම් ඉදිකිරිමක් හෝ නිතියට පටහැනිව යම් ක්‍රියාවක් සිදු කරන්නේ නම් ඒ මොහතේම ඒවා නැවැත්විමට කටයුතු කළ යුතු බවත් ඒසේ නොවි පසුව විසදුම් සෙවිමේ දැ ගැටලු රැසක් මතුවන බවය.වෙළද ප්‍රජාවට ද යම් ගැටලු රැසක් ඇති බවත් පවතින ආර්ථික අර්බුද හමුවේ මෙම ප්‍රශ්න සියුම්ව විසදුම් සෙවිය යුතු බවත් කිසිදු පාර්ශ්වකට අගතියක් නොවන පරිදි අදාළ කටයුතු සිදු කිරිම වැදගත් බවය.

වෙළෙද සංගම් නියෝජිතයින් කිහිපදෙනෙකුම අදහස් දැක්වු අතර ඔවුන් කියා සිටියේ පදික වෙළදාම නිසා තමන්ගේ වෙළදාම් කටයුතු සදහා යම් බලපැමක් සිදුව ඇති බවත් රජයේ තක්සේරු කඩකුලි විශාල ලෙස ඉහළ ගොස් ඇති නිසාද තමන් ගැටලු රැසකට මුහුණ පා ඇති බවය.එහිදි අදහස් දැක්වු ආණ්ඩුකාරවයා කියා සිටියේ රජයේ තක්සේරුව නැවත සමාලෝචනය කිරිම සදහා අභියාචනා ඉදිරිපත් කරන ලෙසත් ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසය.

මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතා විසින් නගරයේ පවතින පදික වෙළදාම් ඇතුලු කරුණු පිළිබදව දිර්ඝ විස්තරයක් ඉදිරිපත් කළේය.

මෙම රැස්විම සදහා අයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම,හිටපු නගරාධීපති කේසර සේනානායක,හිටපු විපක්ෂ නායක සේන දිසානායක ,පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ,මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකොන්,ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල,මධ්‍යම පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක යන මහත්ම මහත්මින් වෙළද සංගම් නියෝජිතයින් ඇතුලු රාජ්‍ය නිලධාරින් රැසක් එක්වි සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT