Home » සජබ පා ගමනට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

සජබ පා ගමනට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

by chanaka
January 30, 2024 3:36 pm 0 comment

සමගි ජනබලවේගය විසින් සංවිධාන කළ විරෝධතා පාගමනට කොළඹ පුරහල අසලදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

මෙම විරෝධතා පාගමන අද පස්වරු 1.30 ට විහාරමහාදේවි උද්‍යානය අසළින් ආරම්භ කර තිබුණි.

වෙනසක් හදන වසරක් යන්න තේමා කරගනිමින් පැවැත්වෙන මෙම විරෝධතාව සඳහා එම පක්ෂයේ නායකයන් රැසක් මෙන්ම ආධාරකරුවන්ද එක්ව සිටි.

මේ අතර, පොලිසිය කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් විරෝධතාකරුවන්ට මාර්ග අවහිර කිරීම් සහ මහජන පීඩා වළක්වමින් අධිකරණ නියෝග 3 ක්ද නිකුත් කර තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT